සී/ස කොමර්ෂල් ලීසිං ෆිනෑන්ස් පීඑල්සී යනු කල්බදු, ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ණය, ෆ්ලෙක්සි කෑෂ් (Flexi Cash), ක්ෂුද්‍ර මූල්‍ය ණය, ඉස්ලාමීය ණය, රන් ණය, ෆැක්ටරින් ඇතුලු සේවා රැසක් සපයන ශ්‍රි ලංකාවේ ප්රමුඛ බැංකු නොවන මූල්‍ය සේවා සැපයුම් ආයතනයකි.
රට පුරා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 75 ක් විවෘත කරමින් සිය ගනුදෙනුකරුවන්ගේ සේවය සඳහා පහසු පරිසරයක් නිර්මාණය කර ඇති CLC, එමගින් ස්ථාවරත්වයේ සහ විශ්වසනීයත්වයේ සන්නාමය බවට පත්වෙමින් දේශීය මූල්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා ප්රමුඛ කාර්යක නිරතවේ.
CLC යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත්‍ර සහිතව ක්‍රියාත්මක මූල්‍ය ආයතනයක් මෙන්ම, 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පණත යටතේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකි. තවද මෙම ආයතනය කොළඹ කොටස් වෙළෙඳපෙළේ ප්‍රධාන මණ්ඩලය යටතේ ලැයිස්තුගත සමාගමක්ද වේ.
මෙයට අමතරව CLC, ICRA Lanka Ltd හි (SL) A (ස්ථාවර) රේටිංග්ස් හිමිකරගෙන සිටින සමාගමක් ද වේ.
1982 අංක 17 දරණ සමාගම් පණතේ විධිවිධාන වලට යටත්ව 1988 අප්‍රේල් 22 වන දින CLC සමාගම පොදු සීමිත වගකිම් සහිත සමාගමක් ලෙස සංස්ථාගත කරනු ලැබීය. පසුව එය 2007 අංක 07 දරණ සමාගම් පණත යටතේ අංක PQ 131 PBPQ දරණ සමාගම ලෙස නැවත ලියාපදිංචි කළේය.
අපගේ දැක්ම යතාර්ථයක් බවට පත්කර ගැනීමට අප නිරන්තරව කැපවෙමු: