CLC සාමාන්‍ය ස්ථාවර තැන්පතු

CLC, වසර 30 කට අධික කාලයක් තිස්සේ ස්ථාවර කාර්යසාධනයක් මගින් සිය ආයෝජන කාර්යයන් සඳහා ඉළ ප්‍රතිලාභ සහ ආරක්‍ෂාව සැළසීමෙන් පාරිභෝගික විශ්වාසය දිනාගනු ලැබීය. තවද මෙම සමාගම ආකර්ශණීය වූ මෙම වෙළෙඳපොළ තුළ ඇති ස්ථාවර මෙන්ම නව්‍ය වූ සේවා සැපයුම් කාර්යයේ නිරත සමාගමකි.
CLC ස්ථාවර තැන්පතු මගින් නවෝත්පාදන යෝජනා ක්‍රම, විකල්පීය ක්‍රම සහ ඉහළ තලයේ ආරක්‍ෂාව යන අංශයන් හි ප්‍රතිලාභ සමගින් මෙම ක්‍ෂේත්‍රයේ හොඳම අනුපාත සහතික කිරීමට සමත්වී ඇත. තවද මෙමගින් ගනුදෙනුකරුවන් හට මුදල් නැවත ගැනීමේ සහ ඉහළ පොලී අනුපාත භූක්ති විදීමේ අවස්ථාව සළසා දී ඇත.

 

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • අවම තැන්පතුව රු. 5,000 කි
  • ඔබගේ ආයෝජන සැළසුමට ගැලපෙන අයුරින් මාස 1 සිට 60 දක්වා ගෙවුම් කාල පරාසය
  • ආකර්ෂණීය පොලී අනුපාත
  • ඒකාබද්ධ තැන්පත්කරුවන් සඳහා අවස්ථාව
  • ඔබේ නිවසටම සේවා සැපයීම වෙනුවෙන් කැපවූ පාරිභෝගික සේවාව
  • පොලිය මාසිකව, වාර්ෂිකව සහ කල්පිරීමේ පදනම මත ඉපයීමේ හැකියාව
  • කෙටි කාලයකින් සහ අවම ලියකියවිලි මගින් ස්ථාවර ගිණුමේ වටිනාකමින් 90% දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව
  • සහතික කිරීමේ ලිපි ලබාගැනීම
  • කිසිදු අයකිරීමකින් තොරව CLC ඉතුරුම් ගිණුමකට හෝ වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයකට පොලිය සම්ප්‍රේෂණය කිරීම
  • ඉල්ලීමට අනුව ස්ථාවර තැන්පතුවේ පොලිය සම්බන්ධ තොරතුරු කෙටි පණිවිඩ, ඊ මේල් හෝ තැපැල් මගින් දැන්වීම.

Rates effective from 02 November 2021

කාලසීමාව

මාසිකව

වාර්ෂිකව

කල්පිරීමේදී

මාසය සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත
1         7.88% 8.17%
3 7.84% 8.13%     8.13% 8.38%
6 8.07% 8.38%     8.38% 8.56%
12 9.46% 9.88%     9.88% 9.88%
13 9.46% 9.88%     9.88% 9.84%
18 9.46% 9.88%     9.88% 9.65%
24 9.69% 10.13% 10.13% 10.13% 10.13% 9.66%
36 10.14% 10.62% 10.63% 10.63% 10.63% 9.67%
48 10.14% 10.62% 10.63% 10.63% 10.63% 9.26%
60 10.60% 11.13% 11.13% 11.13% 11.13% 9.25%

කොමර්ෂල් ලීසිං සහ ෆිනෑන්ස් ආයතනය යනු 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත්‍ර සහිතව ක්‍රියාත්මක මූල්‍ය ආයතනයක් මෙන්ම, 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි මූල්‍ය ආයතනයකි. තවද මෙම ආයතනය කොළඹ කොටස් වෙළෙඳපෙළේ ප්‍රධාන මණ්ඩලය යටතේ ලැයිස්තුගත සමාගමක්ද වේ. අයිසීආර්ඒ ලංකා ලිමිටඩ් (ICRA Lanka Limited), විසින් කොමර්ෂල් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම (SL) A ලෙස ශ්‍රේණිගත කර ඇති අතරම, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා දී ඇත. වන්දි ගෙවීම සඳහා මුදල් මණ්ඩලය විසින් ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සමග සුදුසුකම් ලබන තැන්පතු වගකීම උපරිම වශයෙන් රු. 600,000.00 කි. ලියාපදිංචි අංකය PQ 131 PR PQ සංස්ථාගත කළ දිනය.