CLC සාමාන්‍ය ඉතුරුම්

CLC ඉතුරුම් මගින් දේශීය ව්‍යාපාරික ප්‍රජාවේ ආර්ථිකමය ක්‍රියාවලීන් සඳහා සහාය වීමටත්, ආකර්ෂණීය පොලී අනුපාත ලබා දෙමින් ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීමේ කාර්යයටද ධෛර්යයක් ලබාදෙයි. තවද ඉතුරුම් ගිණුම් හිමියන් හට අවශ්‍ය විටෙක සිය ගිණුම් සඳහා ප්‍රවේශවියහැකි පුළුල් වූ සේවා පහසුකම් රැසක් අප විසින් ලබා දෙන්නෙමු. CLC හි විශේෂත්වය වන්නේ ගනුදෙනුකරුවන් සඳහා තමන්ගේ මුදලින් ඉහළම ප්‍රතිලාභ අත්කරගැනීමේ අවස්ථාව හිමිවීමයි.

 

විවිධ වයස් ඛාණ්ඩ සඳහා ඉතිරි කිරීමේ ගිණුම්

  • CLC ඉතිරිකිරීමේ ගිණුම - අවුරුදු 18 සිට 60 දක්වා
  • CLC ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම - අවුරුදු 60 ට වැඩි.
  • CLC ළමා ඉතුරුම් ගිණුම - වයස අවුරුදු 18 ට අඩු.
  • CLC සැලරි සේවර් (Salary Saver) ගිණුම - වයස අවුරුදු 18ට වැඩි.

විශේෂාංග සහ ප්‍රතිලාභ:

  • ගිණුමේ පවතින ශේෂය නොසළකා ක්‍රියාත්මක වන ආකර්ෂණීය පොලී අනුපාත.
  • මාසිකව බැර කරනු ලැබන පොළිය දෛනිකව ගණනය කිරීම.
  • දේශීයව සහ විදේශීයව VISA ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලය මගින් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව.
  • පළමු ATM ඩෙබිට් කාඞ්පත නොමිලේ නිකුත් කිරීම.
  • සියලුම ගනුදෙනු කෙටි පණිවුඩ මගින් දැනුම්දීම.
  • ආරම්භක තැන්පතුව රු. 1,000 ට වඩා අඩුය.
  • CLC Online හරහා 24/7 පුරා නොමිලේ සේවා පහසුකම.
  • ස්ථාවර ඇණවුම් පහසුකම්.
  • SLIPS (ශ්‍රී ලාංකීය අන්තර්ජාල බැංකු ගෙවීම් පද්ධතිය) පහසුකම.
  • කිසිදු අයකිරීමකින් තොරව CEFTS (Lanka Clear’s Common Electronic Fund Transfer System) ක්‍ෂණිකව වෙනත් මූල්‍ය ආයතන වෙත මුදල් මාරු කිරීමේ පහසුකම.

Rates effective from 01.10.2021

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්    
CLC සාමාන්‍ය ඉතුරුම් ගිණුම් 5%  
CLC ක්ෂුද්‍ර ඉතුරුම් ගිණුම් 5%  
CLC ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් 5%  
CLC ළමා ඉතුරුම් ගිණුම් 5.5%  
CLC සැලරි සේවර් ඉතුරුම් 5%