CLC හරිත

CLC හරිත යනු දිවයින පුරා පාසල් වල ගස් සිටුවීම මූලික කරගනිමින් දියත් කරනු ලැබූ තිරසර ප්‍රවර්ධන වැඩසටහනකි. මෙය LOLC සමූහට විසින් එහි පුළුල් වූ තිරසාර ව්‍යාපෘතියේ එක් කොටසක් වශයෙන් ක්‍රියාත්මක කළේය.

හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේදී දේශීය ජෛව විවිධත්වය සහ ස්වභාවික වායු සංසරණ පද්ධති සංරක්ෂණය කරමින් සෞඛ්‍යමත් වූ පරිසරයක් වර්ධනය කිරීම තුළ ලාංකිය ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අවසන් අරමුණයි. මෙම පුළුල් වැඩසටහනේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක හඳුනාගත් පාසල් 60 ත් 100 ත් අතර ප්‍රමාණයක ගස් 1000 ක් ලබා දීමට නියමිතය.

.මෙම ව්‍යාපෘතිය මගින් පාසල් ප්‍රජාව තුළ ගස් සිටුවීමේ පුරුද්ද වඩවාලීම, වන විනාශය හේතුවෙන් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් පෙළඹවීමක් ඇතිකිරීම මෙන්ම ශ්‍රී ලංකාවට මෙයින් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සැළසුම් කර ඇත. තවද මෙමගින් අනාගත පරම්පරාව තුළ අපගේ පරිසරය ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම සහ ඒ සඳහා ගස් ආරක්ෂා කිරීම තුළින් සිය සමාජ වගකීම් ඉටුකිරීමට දරුවන් බලගැන්වීම ‍CLC හි බලාපොරොත්තුව වේ.

CLC හි දිවයින පුරා පිහිටා ඇති ශාඛා 68 සමගින් සබැඳි ජාලය මෙම හරිත ව්‍යාපෘතියේ සර්ථකත්වයට ප්‍රබල දායකත්වයක් ලබාදෙයි. ඒ අනුව දිස්ත්‍රික්ක සහ කලාප වල පිහිටි ශාඛා ආයතන ඔස්සේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මෙම CLC හරිත පාසල් රුක් රෝපණ වැඩසටහනේ පළමු අදියරේ සමාරම්භය 2018 ඔක්තෝබර් 16 වන දින පොළොන්නරුව රාජකීය විද්‍යලයේදී දියත් කරනු ලැබීය. මෙහිදී පාසලේ විදුහල්පති තුමන්, කාර්ය මණ්ඩලය සහ පාසල් සිසුන්ගේ සහයෝගයෙන් අඹ සහ පේර වැනි පළතුරු ශාඛ සහිතව ශාඛ සිය ගණනක් රෝපණය කිරීමට යොමුවිය. තවද තෝරාගත් සිසු කණ්ඩායමකට ඔවුන් පාසලෙන් සමුගන්නා තුරු මෙම ශාඛ රැක බලා ගැනීමේ වගකීමද පැවරීය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර අවසානයේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දරුවන්ගේ උත්සාහය සහ කැපවීම අගමින් CLC හරිත සම්මානය පිරිනමනු ලැබේ. තවද CLC හරිත පාසල් අතරින් හොඳම හරිත පාසල මෙන්ම CLC ශාඛා ජාලය අතරින් හොඳම ශාඛාවද තෝරා ගැනීමට අදහස් කර ඇත.