CLC ඉස්ලාමීය මූල්‍ය

කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් ආයතනය යනු ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය සේවා සැපයුම් කරුවකු වීම තුළින් කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති LOLC සමූහයේ ප්‍රමුඛතම ආයතනයකි.
ශ්‍රී ලාංකීය මූල්‍ය ක්‍ෂේත්‍රයේ වසර 29 කට අධික පළපුරුද්දක් ඇති CLC සමාගම, එහිදී කල්බදු, ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීම්, ණය, ෆ්ලෙක්සි කෑෂ් සහ ක්‍ෂුද්‍ර මූල්‍ය ආදී මූල්‍ය විසඳුම් රැසක් සිය ගනුදෙනු කරුවන් වෙත ලබා දීමට ඉදිරිපත් විය.
ICRA Lanka Ltd සිය වාර්ෂික ණය සමාලෝචනයේදී CLC සඳහා “[SL] A” ණය ශ්‍රේණිගත කිරීම සහතික කරමින් එහි ඇති ස්ථාවර තහවුරු කර ඇත.
පුළුල් පරාසයක ව්‍යාප්ත වූ මූල්‍ය නිෂ්පාදන රැසක් ලබාදීමෙන් නොනැවතී 2015 අගෝස්තු මාසයේදී ඉස්ලාමීය මූල්‍යකරණයට CLC ආයතනය පිවිසි අතර, එහිදී එම ගනුදෙනුකරුවන් සඳහා ෂරියා නීතියට අනුකූල නිෂ්පාදන සහ සේව රැසක් ලබාදීම අරමුණ විය.

ඉස්ලාමීය ව්‍යාපාර අංශය (IBD) යනු ෂරියා නීතියට අනුකූලත්වයක් ඇති මූල්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වාණිජ කල්බදු සහ මූල්‍ය නියාමන බලපත්‍රය යටතේ පිහිටුවා ඇති විශේෂිත ව්‍යාපාර ඒකකයකි. මෙම ඒකකය ඉස්ලාමීය මූල්‍ය සම්බන්ධ ඉහළ දැනුමකින් යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
CLC ඉස්ලාමීය මුල්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ප්‍රකට දේශීය සහ ජාත්‍යන්තර විද්වතුන්ගෙන් සමන්විත ෂරියා අධීක්‍ෂණ මණ්ඩලයේ සමාජිකයන් තිදෙනෙකු විසින් අනුමක කරනු ලැබේ. IBD හි මූලික පරමාර්ථය වන්නේ සියලුම ව්‍යාපාරික ගනුදෙනු වලදී ෂරියා නීතියේ අනුකූලතාවය සහතික කිරීම වන අතර, සියලු පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පූර්ණ ඉස්ලාමීය මූල්‍ය විසඳුම් ලබාදීමයි.

CLC හි ISB ෂරියා අධීක්‍ෂණ කමිටුව (SSB)

  • අෂ් - ෂයික් මුෆ්ති ෂ‍ෆිකුයි ජකුරා (Ash-Shaik Mufthi Shafique Jakhura) – සභාපති – SSB
  • අෂ් -ෂයික් ෆසීල ෆාරූක් (Ash-Shaik Fazil Farook) – සාමාජික – SSB
  • අෂ් - ෂයික් මුර්ෂිඩ් මුලා‍ෆර් (Ash-Shaik Murshid Mulaffar) – සාමාජික – SSB
  • අෂ් - ෂයික් ෂයිඩ් නූරමිත් (Ash-Shaik Zaid Nooramith) – ආයතනයේ ෂරියා උපදේශක

SSB වෙතින් ලැබුණු මගපෙන්වීම් සහ ඉස්ලාමීය මුල්‍ය පදනමට අනුව ඉස්ලාමීය ව්‍යාපාර අංශයට පහත විශේෂාංග ඇතුළත් වේ.

  • ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ’ඉස්ලාමීය මූල්‍ය කවුළුවක්’ ලෙස ක්‍රියා කිරීමට ඇති අවසරය.
  • ප්‍රාග්ධනය සංචරණය සඳහා වෙන් වූ බැංකු ගිණුම්.
  • වෙන් වූ පොදු ලෙජර් ක්‍රමවේදයක්.
  • වෙන්වූ තොරතුරු තාක්‍ෂණ ක්‍රමවේදයක්.
  • සම්පූර්ණයෙන් පුහුණු කරනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින්.

ඉස්ලාමීය මූල්‍යකරණයේ අපගේ කාර්යභාරය වන්නේ ෂරියා මූලධර්ම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බහුරත ජනතාව වෙත සහාය දැක්වීමයි. මෙය විශේෂයෙන් CLC හි ඉස්ලාමීය මූල්‍ය අංශයේ වර්ධනය සඳහා බෙහෙවින් හේතු වන අතර, වර්තමානය වනවිට ශාඛා 60 කට අධිකව ක්‍රියාත්මක වෙමින් ස්ථාවර ගනුදෙනුකරුවන් පිරිසක් නිර්මාණය කර ගනිමින් දිවයින පුරා විහිදුණු සේවාවක් දියත් කිරීමට සමත්ව ඇත.


වාර්ෂික වාර්තා

2019 - 2020
2018-2019
2017-2018
2016-2017