CLC ඔන්ලයින් මගින් උපයෝගිතා සැපයුම්කරුවන් 50 කට අධික සංඛ්‍යාවක් සමඟ SLIPS සහ CEFTS මගින් ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක, අවශ්‍ය ඕනෑම බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට අරමුදල් මාරු කිරීමේ හැකියාව ලබාදී ඇත.
CLC ඔන්ලයින් යනු සිය ගනුදෙනු කරුවන් සඳහා සතිය පුරා දිනයේ පැය 24 තුළම ඔවුන්ගේ මුදල් ගනුදෙනු කාර්යයන් සඳහා එම ආයතනය විසින් හඳුන්වා දී ඇති සම්මානනීය ජංගම හා අන්තර්ජාල බැංකුකරණ සේවා විසඳුමකි. මෙමගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඔස්සේ ඔබට නව්‍ය වූ අත්දැකීමක් ලබාදී ඇත.
CLC ජාත්‍යන්තර ඩෙබිට් කාඞ්පත මගින් ඔබට ලොව පුරා ඕනෑම VISA සක්‍රීය ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) මගින් නොමිලේ මුදල් ලබාතය හැකිය. එමෙන්ම VISA ගෙවීම් පහසුකම ඇති ඕනෑම අළෙවිකරුවකුගෙන් භණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීමේ හැකියාවද ඇත.
CLC මගින් සිය ගනුදෙනු කරුවන්ගේ ඉතුරුම් ගිණුම් වල නියම කාලය තුළ මුදල් තැන්පත් කිරීම සඳහා ගාල්ල, මීගමුව, මහනුවර, මහරගම, කැළණිය, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශ වල ස්වයංක්‍රීය මුදල් තැන්පතු යන්ත්‍ර (KIOSK machines) පිහිටුවා ඇත.