CLC සැලරි සේවර් ඉතුරුම්

මෙමගින් සමාගම් සහ එහි සේවකයන් හට කරදරයකින් තොරව වැටුප් කළමනාකරණ ක්‍රමවේදයන් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. විශේෂයෙන් ස්වයංක්‍රීය පද්ධතියක් ඔස්සේ ගිණුම් වලට වැටුප් බැරකිරීම සිට CLC මගින් ඔබේ වැටුප් මනා කළමනාකරණ ක්‍රියාවලියකට ලක්කරනු ලබයි.

විශේෂාංග සහ ප්‍රතිලාභ (ගිණුම් හිමියන්)

  • නොමිලේ ජාත්‍යන්තර ATM ඩෙබිට් කාඞ්පත්.
  • නොමිලේ ඔන්ලයින් සේවාව සහ ජංගම දුරකථන යෙදවුම්.
  • දිවයින පුරා පිහිටි සියලුම VISA ATM යන්ත්‍ර මගින් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
  • ආකර්ෂණීය පොලී අනුපාත.
  • සාමාන්‍ය මාසික ශේෂයක් නොමැත.
  • අවශ්‍යතාවය මත බිල් ගෙවීම් සහ රීලෝඞ් සඳහා අයකිරීමක් නොමැත.
  • ස්ථාවර ඇණවුම් පහසුකම් සඳහා අයකිරීමක් නොමැත.
  • SLIP/CEFTS මාරුවීම් සඳහා අයකිරීමක් නොමැත.

විශේෂාංග සහ ප්‍රතිලාභ (ගිණුම් හිමියන්)

  • සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති විටදී ඒ සදහා පොරොත්තු පහසුකම.
  • මුදල් භාවිතා කිරීමට අවශ්‍ය නොවීම.
  • මුදල් ගෙනයාමේදී ඇති අවධානම නොමැතිවීම. ගනුදෙනුකරුවන් හට කාලය සහ සම්පත් ආරක්‍ෂා කර ගැනීමට හැකිවීම.
  • වාර්තා, විධායක වැටුප් අත්තිකාරම්, උත්සව අත්තිකාරම් ආදිය පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකිවීම.
  • සේවකයන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම.
  • අභ්‍යන්තර ණය යෝජනාක්‍රම සහ එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම.
  • සේවකයන්ගේ ගිණුම් වෙත වැටුප් නොමිලේ මාරු කිරීම.

විවිධ වයස් ඛාණ්ඩ සඳහා ඉතුරුම් ගිණුම්

  • CLC ඉතිරිකිරීමේ ගිණුම - අවුරුදු 18 සිට 60 දක්වා
  • CLC ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම - අවුරුදු 60 ට වැඩි.
  • CLC ළමා ඉතුරුම් ගිණුම - අවුරුදු 18 ට අඩු
  • CLC Salary Saver ගිණුම - අවුරුදු 18 ට වැඩි

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ගිණුමේ පවතින ශේෂය නොසළකා ක්‍රියාත්මක වන ආකර්ෂණීය පොලී අනුපාත.
  • දේශීයව සහ විදේශීයව VISA ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලය මගින් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව.
  • පළමු ATM ඩෙබිට් කාඞ්පත නොමිලේ නිකුත් කිරීම.
  • සියලුම ගනුදෙනු කෙටි පණිවුඩ මගින් දැනුම්දීම.
  • ආරම්භක තැන්පතුව රු. 1,000 ට වඩා අඩුය.
  • CLC Online හරහා 24/7 නොමිලේ සේවා පහසුකම.
  • ස්ථාවර ඇණවුම් පහසුකම්.
  • SLIPS (ශ්‍රී ලාංකීය අන්තර්ජාල බැංකු ගෙවීම් පද්ධතිය) පහසුකම.
  • කිසිදු අයකිරීමකින් තොරව CEFTS (Lanka Clear’s Common Electronic Fund Transfer System) ඔස්සේ ක්‍ෂණිකව වෙනත් මූල්‍ය ආයතන වෙත මුදල් මාරු කිරීමේ පහසුකම.