CLC ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්

මුදල් ඉතුරුම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇතිවියහැකි සියලු අවශ්‍යතා සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් CLC මගින් මෙම ඉතුරුම් ගිණුම සකසා ඇත.

විශේෂාංග සහ ප්‍රතිලාභ:

  • ගිණුමේ පවතින ශේෂය නොසළකා ක්‍රියාත්මක වන ආකර්ෂණීය පොලී අනුපාත
  • මාසිකව බැරකරනු ලබන පොලිය දෛනිකව ගණනය කිරීම
  • දේශීයව සහ විදේශීයව VISA ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලය මගින් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව.
  • පළමු ATM ඩෙබිට් කාඞ්පත නොමිලේ නිකුත් කිරීම.
  • සියලුම ගනුදෙනු කෙටි පණිවුඩ මගින් දැනුම්දීම.
  • ආරම්භක තැන්පතුව රු. 1,000 ට වඩා අඩුය.
  • CLC Online හරහා 24/7 නොමිලේ සේවා පහසුකම.
  • ස්ථාවර ඇණවුම් පහසුකම්.
  • SLIPS (ශ්‍රී ලාංකීය අන්තර්ජාල බැංකු ගෙවීම් පද්ධතිය) පහසුකම.
  • කිසිදු අයකිරීමකින් තොරව CEFTS (Lanka Clear’s Common Electronic Fund Transfer System) ඔස්සේ ක්‍ෂණිකව වෙනත් මූල්‍ය ආයතන වෙත මුදල් මාරු කිරීමේ පහසුකම.