Personal Loans

සියලුම ආදායම් අංශ ඒකාබද්ධ කිරීමේ අරමුණින් CLC ආයතනය 2016 වසරේදී ක්‍ෂුද්‍ර මූල්‍ය අංශය ආරම්භ කරනු ලැබීය. මෙහිදී CLC සිය ගනුදෙනුකරුවන් සඳහා විවිධ වූ නිෂ්පාදනයන් හඳුන්වා දෙමින් ඔවුනගේ ජීවිත වල වර්ධනයක් ඇතිකිරීමට සමත් විය.
නිෂ්පාදන සඳහා සාධාරණ මිල ගණන් අනුමත කරන ලෝකප්‍රකට ආයතනයක් වන ස්මාට් කැම්පේන් (www.smartcampaign.com) විසින් ප්‍රදානය කරනු ලබන සේවාලාභී ආරක්‍ෂණ මූලධර්ම (CPP) ගිවිසුම් සහතිකය ලබාගැනීමේ කාර්යයේ CLC ආයතනය මේ වන විට නිරතව සිටී.
ක්‍ෂුද්‍ර ණය, ක්‍ෂුද්‍ර ඉතුරුම්, ක්‍ෂුද්‍ර රක්‍ෂණය ඇතුළත්ව මෙමගින් ක්‍රියාත්මක පුළුල් වූ නිෂ්පාදන හේතුවෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය අංශයෙන් සුවිසල් වර්ධනයන් වාර්තා කළේය. විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලය ලත් තැන්පතු සහ ඉතුරුම් සේවා සැලසිය හැකි මූල්‍ය සමාගමක් ලෙස CLC, මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ මූල්‍ය සමාගම් අතරින් එකක් වීමද සුවිශේෂී කරුණකි.
නව ගනුදෙනු කරුවන් සඳහා මෙමගින් මනා පරිසරයක් නිර්මාණය කර ඇති අතර, එය ඔවුන් වෙත ශක්තියක් බවට පත්ව ඇත. මෙහිදී ගනුදෙනුකරුවන් සඳහා සිය කැමැත්ත අනුව, නියෝජිතයන් හමුවීමේ අවස්ථාව ඇති අතර, එමගින් ඔවුනගේ අනාගත සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ඉතිරුම් කාර්යකට යොමු වීමේ වැඩි අවකාශයක් නිර්මාණය කරදී ඇත.
මෙයට අමතරව, CLC විධිමත් බැංකු/ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු නොකළ හෝ විධිමත් මූල්‍ය සංස්ථාපිත කාර්යයක නිරත නොවු, පළමුවරට ගනුදෙනු කාර්යයක නිරතවීමේ අපේක්‍ෂාවෙන් පසුවන ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමේ කාර්යයට අවධානය යොමු කර ඇත.

පුහුණු සහ සංවර්ධන

CLC වාසනා සේවාදායකයින් සඳහා ඔවුන්ගේ ආදායම් උත්පාදන වර්ධනය කිරීම සඳහා විවිධ තාක්‍ෂණික සහාය ලබාදී ඇත.

කැළණිය ශාඛාව මගින් එහි මධ්‍යස්ථාන නායකයින් සඳහා “කප් කේක් එකක් සදාගන්නේ කෙසේද” නමින් සැසියක් පැවැත්වීය

බදුරලිය ශාඛාව මගින් 2017 ජූලි 12 වන දින “කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස සෙරෙප්පු නිෂ්පාදනය කරන්නේ කෙසෙද” යන වැඩසටහන් පැවැත්වීය.th of July 2017.

සමාජ වගකීම්

සමාජ සත්කාරක ක්‍රියාකාරකම් මෙහෙයවීම

2017 වසරේ මැයි මාසය තුළ ගංවතුරින් විපතට පත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වන සිසුන් 550 දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණ්‍ය සඳහා අනුග්‍රහ දැක්වීම.